චතුරංගි හර්ශිකා 3 years ago 138 3 4

Nisadas Image

??

?-සිතුවිල්ලක්-?

එකම හීනයක් වෙනුවෙන්
දවල් රෑ නැතිව අපි වෙහෙසුණා
ලස්සනම කඩ ඉමක
අවසානයක් නොදැන අපි තනිවුණා?

කොරෝනා නුඹ
ජීවිතේ එක තැනක හිර කළා
හිතන හිතෙන සිතුවිලි පවා
ගොළු වෙලා නැවතුණා?

ගගන සිසාරා ඉගිල ගිය
අත්තටු යදමින් බැදි ලෙස
කාලයේ සරදමට නතුව
මගේ ආත්මය අසරණව ඇත?

තවත් ජීවත් වන්නට
අවුරුදු සීයක් නැත
කළ යුතු දෑ එමටයි
එයින් අඩක්වත් තවම අහවර නැත?

කාලය ඊයක වේගයෙන්
ජීවිතය හරහා යාවි
පෘතග්ජන නිසාම අපි
හීන හොයාගෙන ඇදේවි?

ඒ නිසා ජීවිතේ
කරන්නට බොහෝ වැඩ තිබේවි
එබැවින් කොරෝනා
නුඹ නිසා කාලය අපතේ යාවි??

මම,
චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
පෙ.ව.10.00

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ?කොරෝනා ? අර්ථවත් ✍️❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks

ශශී❤️? 3 years ago හ්ම්ම් ඔව් කොරෝනා අපේ හැම්දේම ආපස්සට ඇදලා දානවා ?

චතුරංගි හර්ශිකා 3 years ago ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps