චතුරංගි හර්ශිකා 3 years ago 135 3 4

Nisadas Image

සිතුවිල්ලක්

මහ පොළොව අහසට ප්‍රේම කර ඇත. පොල්කිච්චෙක් එය මට පැවසුවේ අද හැන්දෑවේ ය.❤

?ආදරණීය මහ පොළොව,

වලාකුළු වියන යට
අවසාන කවිය කිම
ජීවිතේ හැමදාම
කවියක් තමා පොළොව...??

ගගන සිප ගන්න ඔය
සිහින මැව්වත් දිනෙක
කදුළු පමණයි උරුම
අවසානයේ නුඹට...?

පොළොව මත ගැටි ගැටී
පොළොව සිපගත් ගගට
ආදරේ කරන්නට
පොළොව නොහිතුවෙ මන්ද...?

උරුම කළ හිමිකමට
ගතු කියන්නට වරම්
පොල් කිච්චෝ නුඹට මට
තව උරුම නැහැ නේද...?

මලානික හිත් මලට
සදාතන සුවද පොද
පුදා හිනැහෙන්න නුඹ
රිදී දිය රැලි එක්ක...?

බලා උන් හැමදේම
අහිමි නම් හැමදාම
ලැබෙන දේවල් එක්ක
හිනාවෙමු හැමදාම...?

මහ පොළොව ඔය නුඹට
ඔවා දුන්නත් මෙලෙස
මමත් ඔහොමයි ඉතින්
හිතෙන් තැවෙනවා බොහොම...?

කොහොමත් අපේ හීන
කවදාක හෝ දිනෙක
හැබෑ වෙන තුරා අපි
සොයා යමු අනන්තය...?

මම,
චතූ?❤

-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව.02.00

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago Oho wooow akki ??

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago හීන හැබෑ කරගන්න කොහොමහරි ❤️ ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps