චතුරංගි හර්ශිකා 3 years ago 200 3 6

Nisadas Image

වින්සන් වැන්ගෝගේ තරු පිරි රැය නූතනයේ ප්‍රතිනිර්මාණය වීම

-සිත්තරා සහ සමාජය-

සිතුවිලි සිතුවම් කළාම
ආදරණීය හිත්වල
උන්මත්තක අදහස්
ලෝකයක් ළග තනි වෙනවා...

සම්ප්‍රදාය වෙනස් කරපු
වැන්ගෝ පවා
උන්මත්තක ලේබලයක්
අලවගෙන මියෙනවා...

දන්නවද තරු පිරි රැය
අදටත් පුදුම වටිනාකමකින්
අගනා සිතුවමක් ලෙස
ඇගයෙනවා...

හිතේ ශෝකය
සිත්තරා පාට ඇතුළෙ
මොනවට බොද කරලා
සායමෙන් කතාවක් ලියලා තියෙනවා...

ඉරිඟු යාය උඩින්
ඉගිලෙන කපුටෝ
සිතුවම් කරපු යායම
අවසන් ගමන තීරණය කරනවා...

ආදරණීය මිනිසා
වින්සන් වැන්ගෝ
හිසට වෙඩි තියාගෙන
එහිම මියෙනවා...

කාලෙන් කාලෙට
සිත්තරා උන්මත්තකයෙක්
මිනිස්සු එකිනෙකාට
නිරන්තර කියනවා...

අධි සංවේදී
හදවත් ඇත්තටම
සාමාන්‍ය ලෝකෙට
උන්මත්තක වෙනවා...

දන්නවද තරු පිරි රැය
දිනෙන් දිනම
කාලීන ලොව තුළ
ප්‍රතිනිර්මාණය වෙනවා...

එලොව ඉදන්
නුඹ බලා ඉන්නවනම්
ඇත්තමයි වැන්ගෝ
උඹට ගොඩක් උන් දැන් ප්‍රේම කරනවා...

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago කලාත්මක ඇසින් ? කියන්න බැරි තරම් ලස්සනයි ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි චතූ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks Shashi ?❤

imasha imasha 3 years ago ගොඩක් ලස්සනයි ඔයාගේ නිසදැස්

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps