චතුරංගි හර්ශිකා 3 years ago 139 3 4
විපුල නීල නෙතගට කවි
ලියන්නට...
කොමළ ලියේ මට බෑ යළි
හඩන්නට...
ප්‍රේමය මුලාවක් බව යළි
කියන්නට...
නොසිතනු හිතවතිය හිත ගිනි
තියන්නට...
ජීවය පොවන මහ ගස් යට
ගොම්මනට...
දෙවි දේවතාවුන් සිටිනා වන
ගැබට...
පුද පූජා කරන ගැමියන්
අහිංසක...
රවටන්නට හිතක් නෑ නුඹ නොවෙන් සැක...
ප්‍රේමය සැබෑවක් බව අමතක නොකරන්න...
පබාවතී නුඹ මා හැර නොම
යන්න...
මේ ගම්මානයේ හැම තැන
බබලන්න...
මම දුටු එකම හේතුව ඒ නුඹ
වැන්න...
කලා කරුවො උපමා කළ පුර
හඳට...
නුඹේ මුහුණ සැබෑවටම
ගැළපේ ය...
සෙනෙහස් විමනෙ මදු මල වී
පුබුදින්න...
ඔය හිතවත් හිත මට දෙනවද
ඔන්න...
මම,
චතූ
Deesha(දීෂා)❤️ 3 years ago Woooow? Nice ??✍️
චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?
ශශී❤️? 3 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤