චතුරංගි හර්ශිකා 3 years ago 130 3 7

Nisadas Image

සිතුවිල්ලක්

තාත්තා මිය ගොස් ය.
තාත්තාගේ මියගිය හදවත පුතාට අමතයි.
__________________________________________

ආදරණීය පුතේ,

නුඹේ කරපිට මාව අවසන්
ගමන් ගෙනියන ගොම්මනේ
නිරන්තර හිත ළගින් උන් පෙම
මකා හිනැහෙනු මැදියමේ...

ගැහැට දුක් විඳ වේදනාවට
සමුදෙන්න මම යන දිනේ
අම්මටත් උඹ ගිහින් කියපන්
ජීවිතේ ගැන මගෙ පුතේ...

ජීවිතේ හරි පුදුම කවියක්
නුඹත් තව දන්නෑ පුතේ
තනිකමක් නෑ මාව තනිකර
හනික පලයන් මේ බිමේ...

මගේ දෝතට නුඹව අරගෙන
නැලෙව්වා පොඩි සන්දියේ
තාම නෙතගට කදුළු උනනවා
ආදරෙයි මම මගෙ පුතේ...

වසන්තය අහවරයි කීවත්
සින්දු කියනා කොවුලනේ
හිස් අතින් ආ අපි හැමෝටම
යන්න වෙනවා මේ වගේ...

අඩි හයක් යට මාව වාගෙම
මගේ මතකෙත් වළලලා
අනාගතයට මුහුණ දීපන්
අම්මටත් හයියක් වෙලා...

එහා ලෝකේ ඇත්තො ඉන්නවා
එනතුරා මග බල බලා
පමා වෙන්නට බැහැ ඉතින් තව
මමත් යන්නම් වෙන්වෙලා...

මීට,
ආදරණීය තාත්තා
__________________________________________

මම,
චතූ

Comments (7)

Deesha(දීෂා)❤️ 3 years ago ???? සංවේදී නිසදැසක් ??

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ?

imasha imasha 3 years ago Ane

චතුරංගි හර්ශිකා 3 years ago ?✍

Asitha Lakmal4444 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps