චතුරංගි හර්ශිකා 3 years ago 188 3 9

Nisadas Image

දවසක නිමාව

මේ රාත්‍රිය
නිහඩ හීනවලට
පාට පුරවන්න
මග බලනවා...?

දන්නවද ජීවිතේ
ලස්සනම කතා
නුඹ වෙනුවෙන්
වෙන් වෙලා තියෙනවා...?

හෙට ගැන තියෙන
හැම බලාපොරොත්තුවක්ම
ඉටුවේවි ඉතින්
හිත කියනවා...??

තවත් රැයක
දවසේ අවසන් කවිය
මම මෙහෙම
කුරුටු ගානවා...?

මම අද දවස
දැකලා තියෙනවා
මට හෙටට මුහුණ දෙන්න
හයිය තියෙනවා...?

ජීවිතේ කියන්නේ
කවියක් නම්
තවත් එක පිටුවක්
මම මෙහෙම ඉවර කරනවා...✍️

දන්නවද මිතුරි
නුඹයි මමයි එනතුරු
හෙට දවස
බලා ඉන්නවා...??

මම,
චතූ?❤

Comments (9)

චතුරංගි හර්ශිකා 3 years ago ඔයාට reply කරන්න credit නෑ දීශා phn එකේ... reply එක මෙතනම දාන්නම් ?

චතුරංගි හර්ශිකා 3 years ago වෙන වැඩකුත් නෑ මේ ටිකේ...?මමත් addicted වෙලා... ලියන්න?✍

චතුරංගි හර්ශිකා 3 years ago ඉස්සර ඇබ්බැහි වෙලා ජීවිතේ ට වැඩක් නැති කෙනෙක් ට massage කරා...

චතුරංගි හර්ශිකා 3 years ago දැන් ඇබ්බැහි වෙලා නිසදැස් ලියනවා...?? දෙකේදිම කරන්නෙ type කරන එක තමයි...

චතුරංගි හර්ශිකා 3 years ago ඒත් ප්‍රතිඵලය වෙනස්...? "කාලය මැව් වෙනසක අරුමේ"...

Deesha(දීෂා)❤️ 3 years ago නිසදැස ලස්සනයි ?? අනේ අම්මේ අක්කියෝ ඔක්කොම ටික මෙතන ලියලා ???

Deesha(දීෂා)❤️ 3 years ago Hmm අනිවාර්යයෙන්ම Results වෙනස්.... ජීවිතෙත් ඒ වගේම ලස්සනට වෙනස් වෙයි ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ??

Rasika Maduwanthi 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps