චතුරංගි හර්ශිකා 3 years ago 178 2 6

Nisadas Image

අදහසක්...

ඉබ්බයි හාවයි තරගෙට දිව්ව කතාව මතකද...??සත්තු හැමෝම කිව්වේ මෝඩ හාවා ලොකු කමට නිදාගෙන ඉදලා පැරදුනා කියලනේ... කවුරුත් ඇහුවෙ නෑ හාවගෙ කතාව...?
දන්නවද...
හාවටත් කියන්න දෙයක් තියෙනවලු...
මේ බලන්න ...??

⬜ ?⬜?⬜?⬜?⬜?⬜?⬜

හැමෝම මේ කතාවේ
මටම දොස් 'කීවා'...??

මම මෝඩ ඌරෙක්
ඉබ්බා උනත් 'කීවා'...?

මගදි ගහ දැක්කා
නින්ද ඌ වෙත 'ආවා'...?

අනේ ලොකුකම හින්දා
පැරදුනා ඔය 'ඌරා'...

ඔන්න ඔය ලෙස කියමින්
සත්තු මට දොස් 'කීවා'...?

අර බුද්ධිමත් ඉබ්බා
හරි හෙමි හෙමින් 'ආවා'...

අනේ උඹ මෝඩ කාවා
නිදා වැටිලා 'නෑවා'...?

ඔක්කොම ඔහොම කීවා
මටම බැන බැන 'කෑවා'...

කවුරුත් නොදත් ඇත්තක්
මගෙ හිතේ මුර 'ගෑවා'...

අහන්නට ඔය කවුරුත්
කැමැත්තක් නැති 'වූවා'...?

ඒ නිසා නොකියා මං
තනිව දුක් ගී 'කීවා'...

දන්නවද තරගේ දා
මං බතල අලයක් 'කෑවා'...?

ඒකෙ අවුලක් හින්දා
බඩ පෙරලිලා 'ආවා'...

තරගෙ මැද්දෙම ලන්දේ
පණ නැතුව මම 'උන්නා'...

මටත් නොදැනී නින්දෙන්
මගේ ඇස් බර 'වූවා'...??

ලෙඩින් වැටිලා හින්දා
නිදා වැටිලා 'උන්නා'...

වේදනාවත් විදලා
ලෝකෙන් බැනුම් 'ඇහුවා'...?

ලෝකයා හිනැහෙද්දී
දරා උන් මම අහිංසක 'හාවා'...??

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago අනේ පව්නෙ අපේ හා පැටියා ❤️?So creative ideas ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ? Thank you ❤?

චතුරංගි හර්ශිකා 3 years ago ඒකනෙ...හැමෝම කතා කීවා පවු අහිංසක හාවා? ??

චතුරංගි හර්ශිකා 3 years ago ඔයාට reply එවන්න credit නෑ දීශා phn එකේ. ඒ නිසා උත්තරේ මෙතනම දාන්නම් ?...

චතුරංගි හර්ශිකා 3 years ago මමත් addicted වෙලා... ලියන්න ?

Deesha(දීෂා)❤️ 3 years ago ????????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps