චතුරංගි හර්ශිකා 3 years ago 148 2 2

Nisadas Image

තාම මග බලනවා

දෙවැට දිග තාරුකා
මල් තාම පිපෙනවා
කහ කුරුල්ලෝ තවම
දෙණිය ළග ඉන්නවා...

හවහාට වහින මල්
වැහි තාම වහිනවා
ගග අයිනෙ සුදු කොක්කු
තාම සිල් ගන්නවා...

කුඹුක් ගහ යට බෙනේ
තාම මෙහි තියෙනවා
ගම්මු හවහට ඇවිත්
වන්දනා කරනවා...

අවාරේ ගෙඩි හැදෙන
කොස් ගහත් තියෙනවා
වවුලො හැමදාම විත්
පොර කකා ලගිනවා...

ගං ඉමේ හැම තැනම
අතීතය තියෙනවා
එකම එක අඩුවකට
මුළු හිතම තැවෙනවා...

හැමදේම පෙර වගේ
තාම මෙහි තියෙනවා
නුඹ විතරමයි අඩුව
මම තනිව ඉන්නවා...

හැමදාම නුඹ සොයා
මගේ හිත දුවනවා
නුඹව දැකගනු රිසින්
තාම මග බලනවා...

මම,
චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ? ???? ලස්සනයි ✍️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps