චතුරංගි හර්ශිකා 3 years ago 130 2 5

Nisadas Image

සිතුවිලි

ආදරණීය කලාවට
හිතෙන් ගතෙන්
දෙකෙන්ම බැදෙන්න
ජීවිතේ අපිට හුරු කළා

නොනැගිටින්නම වැටුණත්
පැන්සලට පින්සලට
සුබ ගමන් කියලා
සමුගන්න බැරි වුණා

අපිට හොරෙන්ම
අපේම හිත්
සායම් ඇතුලෙ
හීන හෙව්වා

දිගට හරහට
ගැහැට ආවත්
උන්මත්තක හීනවල
අපි අපිම ගිලුණා

සිත්තරා පිස්සෙක්
එකෙක් කියනකොට
සිත්තරා හිගන්නෙක්
තවකෙක් කිව්වා

ලෝකෙටම රහසින්
තමන්ගෙ සිතුවිලි
හිස් කොල පුරාවට
සිත්තරු මැව්වා

ලෝකෙ මොනවා කිව්වත්
සිත්තරා හැබෑවටම
සංවේදී ප්‍රාණියෙක්
අපි අපිටම කිව්වා

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️✍️ ලස්සනයි අක්කි පාට පෙව් සුවද කැව් අරුම වූ නිමැවුමක් හැකිවේවි අපායක් කරන්නට සුරලොවක්.......

Deesha(දීෂා)❤️ 3 years ago මිහිරැතිම කලාවක් සුවිශේෂි වූ නෙතක් "සිත්තරා" යන නමම ලොව සොඳුරු ජීවයක්........ ?______?______?

චතුරංගි හර්ශිකා 3 years ago Thank you deesha ?❤

චතුරංගි හර්ශිකා 3 years ago ඔයාගෙ වචන ටික ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps