චතුරංගි හර්ශිකා 3 years ago 251 3 4

Nisadas Image

උපුටා ගැනීමකි

අන්තර්ජාලයේ සැරිසරන මොහොතක නෙත ගැටුණු ලස්සනම කවි පෙලක් මෙසේ සටහන් කර තබමි. කවියට ආදරේ කරන සැමට රස විඳිනු වස්...

මෙහි රචකයා ඉලක්ෂ ජයවර්ධන නම් වේ.


අහසකට ලස්සනම ගෑවමයි
දම් පාට...
හදත් අයිනෙන් අදිමු එය නැතිව
බැහැ රෑට...
දුවේ නුඹ දන්නවද දුරයි
හද හාවාට...
ඒ නිසා අදින්නට ඕනි නැහැ
ආවාට...

චිත්‍රයට නගද්දී එක ළගින්
ඇන්දාට....
අහස සයුරට දුරයි බර වැඩියි
මගෙ දූට...
ගගනතේ මායිමේ නුඹ ඇදපු
වවුලාට...
ළගින් තවකෙක් අදිමු තනිය හොඳ
නෑ ඌට...

ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය
සංකාව...
දැන් හරිම ලස්සනයි වෙරළ ළග
හැන්දෑව...
චිත්‍රයේ නොඇද ඉමු දුවේ අපි
දෙන්නාව...
එහෙම වුණොතින් ළමයි සොයයි නුඹෙ
අම්මාව...

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago අනේ ??? අම්මි නැහැ නේද ?? හරිම ලස්සනයි ✍️❤️

චතුරංගි හර්ශිකා 3 years ago ඔව් දීශා... ලස්සනයි ඒක❤✍

ශශී❤️? 3 years ago අනේ ගොඩක් ලස්සනයි ❤️?❤️

චතුරංගි හර්ශිකා 3 years ago Ow?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps