චතුරංගි හර්ශිකා 3 years ago 167 2 2

Nisadas Image

මම සහ හිත

ජීවිතේ කියන්නේ මොකක්ද
මම මගෙන් ම අහනවා

මම දන්නෑ
හිත කියනවා

ඇත්තටම මොකක්ද ජීවිතේ
මේ හැම දේම මොනවද

දන්නවද
මලක ජීවිත කාලය

දවසක් නැත්නම් දෙකක්, තුනක්, සතියක්
ඔය කොහොම වුණත්

හරි ඉක්මනට
මල පරවෙනවා

ඒ වුණාට
මලට ඒක ජීවිත කාලයක්

අපි තව අවුරුදු සීයක් ඉන්නවද
විශ්වාසද

නෑ මම තව අවුරුදු සීයක් ඉන්නෙ නෑ
දැනටමත් අවුරුදු විසි එකක්

මම පාවිච්චි කරලා ඉවරයි අවුරුදු විසි එකක්
මට තව අවුරුදු කීයක් ඉතුරුද

මම දන්නෙ නෑ
මට දැනගන්න ඕන නෑ

ලැබෙන දේවල් කෙසේ වෙතත්
මේ පුංචි ජීවිත කාලෙට

නොලැබෙන දේවල් ගැන හිතලා
පසුතැවෙන්න තරම් මම බොලද නෑ

කවදා කොහොම වුණත්
අපි යන්න ඕනි, වෙලාව ආවහම

ආවා වගේම
හිස් අතින් තනියෙන්...

මම,
චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්ත ගොඩක්ම අර්ථවත් ✍️❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps