චතුරංගි හර්ශිකා 3 years ago 145 2 6

Nisadas Image

නිහඩ ම හීනවල
ඉකි ගහන කදුළු
ලෝකෙටම හොරෙන්
කන්නගීලගෙ නෙත් ළග
වියැලුණාලු...

ලියැවුණු හැම කතාවෙම
ආදරේ කියන වචනෙට
ලස්සන අරුතක්
වෙන වෙනම
තිබුණාලු...

හීන් මන්දාරමට
පිණි බිඳු මල් මත රැඳුණත්
අනන්තෙන් එහා ගිය
සුන්දරත්වයක්
මද්දහනටත් තිබුණලු...

පුංචි පුංචි දේවල් අතරේ
අපි නොහිතුවට නොදැක්කට
හැම වෙලාවෙම
ආදරේ නම්
අඩු නැතිව තිබුණලු...

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්තමයි අක්කි ගොඩක්ම ලස්සනයි ✍️❤️

චතුරංගි හර්ශිකා 3 years ago ඒ photo එක ලස්සනයි ??? ගොඩක් ම...ඒ නිසා තමයි නිසදැසක් ලියලා ඒක දැමේමේ...

චතුරංගි හර්ශිකා 3 years ago අනේ මන්දා අමුතුම ලස්සනක් ඒකෙ තියෙනවා ??

චතුරංගි හර්ශිකා 3 years ago Photo එකේ

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

Deesha(දීෂා)❤️ 3 years ago Hmm ou akki ගොඩක්ම ලස්සනයි නිසදැසට Match වෙන Photo එකක් ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps