චතුරංගි හර්ශිකා 3 years ago 127 2 2

Nisadas Image

නැවතුම

මග දෙපස පුරුදු එළි
පුරුදු වාහන අතර

මල් පාර නොපෙනෙනා
අවන්හල් පෙළ අතර

මතකයේ නිරන්තර
ගිලී නොගිලී නිතර

යනෙන වාහන අතර
සෙව්වෙ නෙතු නුඹ නිතර

අතරමග හැර නොයන
තාර පාරේ තැනක

බස් රියට නුඹ නැගපු
නැවතුමේ අද වුවද

නොබැස්සට මම එතන
යනෙන කොට මග නිතර

නුඹ මැවී පෙනෙනවා
සෙනග මැද නිරන්තර

මම,
චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Woow ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps