චතුරංගි හර්ශිකා 3 years ago 170 3 3

Nisadas Image

පොතකින් බිඳක්

ජීවිතේ එක තැනක
නැවතිලා බලන මොහොතක...

දන්නවද මගෙ නෙතට
ගැටුණෙ මම ආසම පොත...

මතකද ඔයාලට
පොලියානගෙ පුදුම සෙල්ලම...?

පොඩි කාලේ ඉඳලම
මම හරි ආසයි ඒකට...

දෙයක් නැති වෙනකොට
තියෙන දෙයක් ගැන හිත හිත...

හිත හදා ගන්නට
කියා දෙනවා පුංචි කාලේ ඉඳලම...

හරි පුදුම ජීවිතේ
හිනාවකින් බාර ගන්න...

හඩන වැලපෙන හැමෝම
කරමුද පොලියානගෙ සෙල්ලම...??

කියවපු නැති අය
පොත හොයාගෙන කියවන්න...

අතරමං වෙනවා නිසැකයි
මොහොතකට නුඹ පිටු අතර...

ඒ තරම් ළෙංගතුයි
පොලියානා කතාවම...

ආදරණීය කෙල්ලට
මම හරි මනාපයි හැමදාම...??

මම,
චතූ

Comments (3)

ශශී❤️? 3 years ago ම්ම්ම් කියවන්න ඕනි එහෙනම් ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago Hmm ඔව්මයි ❤️❤️❤️???

චතුරංගි හර්ශිකා 3 years ago ❤??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps