චතුරංගි හර්ශිකා 3 years ago 147 3 4

Nisadas Image

ආදරණීය නුඹ

නෙතග එක කදුලකට
සිනහවක් ගෙනෙන්නට

හිතෙන් ළංවී හෙමින්
ආදරෙයි කියන්නට

මතක මැද ලස්සනට
ජීවිතේ වියන්නට

මට අහිමි සෙනෙහසක්
අරන් ඇවිදින් යන්න

විරාමය නෙත් කෙවෙනි
වේදනාවෙන් තෙමන

නිසංසල හීනවල
යළි යළිත් ඉකි බිඳින

මගේ කවි පියස යට
අකුරු අතරේ නිදන

මගෙ හිතේ කොණක හිද
ඉතින් හිනැහෙන්න නුඹ

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️✍️ ලස්සනයි ගොඩාක්

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

ශශී❤️? 3 years ago ලස්සනයි චතූ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps