චතුරංගි හර්ශිකා 3 years ago 143 3 5

Nisadas Image

රිදෙන අතීතයට සමු දෙමි...

මතකයට තියන්නද
නැවතීම මොහොතකට...

ලස්සනම කතාවක්
ලියන්නද මම දිගට...

ආදරේ විතරමද
ජීවිතේ එක සතුට...?

හුදෙකලා හීනවල
සතුට තිබුණේ නැතිද...

වැහිදාට මතක මැද
ඉකි ගසා නොහඩාම...

උණු කෝපි උගුරකින්
මනස සනසනු බැරිද...?

වැහි හුළං එක්ක ඔය
අතීතෙට නොහඩාම...

හිරිකඩට ආදරෙන්
කවි ලියන්නට බැරිද...?

ජීවිතේ ආදරේ
පටලගෙන හීනවල...

මැරුණු වැලලූ මතක
ගොඩ දමන්නේ කුමට...?

මලක තරුවක සොඳුරු
කවිකාර ලස්සනට...

ආදරේ කරන්නට
උගන්වන්නම් හිතට...

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago Woow good idea ?✍️❤️ ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr??

ශශී❤️? 3 years ago හැමදේම ලස්සනයි..අපි ඒ දේවල් විදින විදිහ දකින විදිහ වෙනස් කරන්න ඕනි..❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නිසදැස?

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps