චතුරංගි හර්ශිකා 3 years ago 139 3 5

Nisadas Image

වියළි කලාපයේ වගතුග

නිළි වැස්ස
යාන්තමට ඇවිත්
ආයෙමත්
මැකෙනවා...

ගහක් වැලක්
තෙමන්න තරම් වත්
වතුර නොවැටෙද්දි
මහ පොළොව හඩනවා...

අහස පුරාවට
ගිනියම් ඉර මලට
සුදු වළාකුළු
හිනා වෙනවා...

වියළි කලාපෙට
කොහොමත්
පුරුදු විදිහට
හැමදාම පායනවා...

රෑ පුරාවට
අහස ගෙරෙව්වත්
පහුවදාටත්
ගිනි අව්ව වැටෙනවා...

හිතට දැනෙන විඩාවට
වියළි සුළං
හරි හරියට
අලගු තියනවා...

වස්සාන ගීතිකා
මේ ඉමට නෑ කියලා
කුරුල්ලෝ පවා
හොඳටම දන්නවා...

පුළුවන් තරම්
බලා උන්නත්
වැහි දෙයියො හැමදාම
පිට පාරෙන් යනවා...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 20 වැනි දා
03.03pm

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago _____හ්ම්ම් ලස්සන පදවැල්_____ හුරුවිය යුතුමයි ඉඩෝරයට හිමි නැහැ අපිට වසන්තය?

චතුරංගි හර්ශිකා 3 years ago ම්... thank you dr

ශශී❤️? 3 years ago නෑ දීශා වසන්තය එනවා පරක්කු වෙලා හරි? ලස්සනයි චතූ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

Deesha(දීෂා)❤️ 3 years ago එයිද ?? බලන් ඉමු





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps