චතුරංගි හර්ශිකා 3 years ago 161 3 4

Nisadas Image

මගේ තාත්තා

මම පුංචි කාලේ ඉඳලම
මගෙ වීරයා මගෙ තාත්තා...

වැඩිය කතා නොකරන
ඕනිම ප්‍රශ්නෙකට උත්තර තිබුණ...

හරි නපුරු යෝධයෙක් කියලා
මම හිතාගෙන හිටිය මගෙ තාත්තා...

සුපර් මෑන්ලට එහා ගිය
මගෙ ජීවිතේ සුපර් මෑන් මගෙ තාත්තා...

වැරැද්දක් කළාම අම්මා වගේ
බැනලා නොඉඳ...

කෝටුවක් කඩාගෙන
හොඳටම තලපු වාර අනන්ත...

ඒත් කිසි කහටක් නැතුව
ඒ ආදරේ ගැන මම දන්නවා හොඳටම...

ගොළු මුහුද වගේ
හිත ඇතුලේ ජීවිත තුනක් තියාගෙන...

හදවතින් පමණක් කතා කරපු
අරුම පුදුම මිනිසා මගෙ තාත්තා...

කවමදාවත් දෝතට අරන්
හුරතල් නොකළට...

හදවතේ මම වෙනුවෙන්
අප්‍රමාණ සෙනෙහසක්...

හිර කරගෙන උන්නු
ආදරණීය මිනිසා මගෙ තාත්තා...

දුවෙක්ව ලෝකෙ කාට එපා වුණත්
කිසි වෙනස්කමක් නොකර...

ආදරෙන් නොවෙනස්ව ඉන්න
මම දුටුව එකම මිනිසා තාත්තා...

ජීවිතේ මේ ගමන
මෙතෙක් දුර එන්න...

එකම හේතුවත්
මගෙ ආදරණීය තාත්තා...

ආ මග පුරාවට හැම සතුටකටම
එකම හේතුවත් තාත්තා...

තාත්තගෙ රැකියාව
තාත්තට දුන්නු රළු පරලු බව නිසා...

නපුරු මනුස්සයෙක් කියලා
හැමෝම කිව්වත්...

සත්තමයි ජීවිතේ
කාටත් වඩා...

මට ආදරේ කළේම
මගෙ තාත්තා...

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago අනිවාර්යයෙන්ම අක්කි...... තාත්තිගෙ ආදරේට උපමා කොහෙද මේ ලෝකේ........ ❤️❤️❤️❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago ඒකනෙ දීශා❤

ශශී❤️? 3 years ago Respect ❤️ ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps