චතුරංගි හර්ශිකා 3 years ago 133 3 4

Nisadas Image

ආදරණීය අත්තම්මාගේ මිහිරි අතීතාවර්ජනයක්?

ඈ පුංචි සන්දියේ ඇගේ ගම මෙසේ විණැයි ඈ මට නිරන්තර කීවා ය. එය දිගු වූත් සුන්දර වූත් අපූරු කතාන්දරයකි. මම එය මෙසේ කෙටියෙන් කවි කළෙමි.✍
____________________________________

නෙත් ඉමේ ලස්සනම
කවියක් වුණා අහස...

නිල් වලාකුළු වලට
හරි ආදරෙයි සුළග...

ගං ඉමේ හැම තැනම
ජීවිතේ පණ ගැහෙන...

ලස්සනම පියස යට
ජීවත් වුණා සතුට...

මගෙ ගමේ පුරාවට
පුරාවත් නොවුණාට...

ජීවිතේ කතාවට
ළෙංගතුම මදහාස...

නිරන්තර නෙතු අගින්
හිත නිවන සෙනෙහසට...

ගම්මු පුරුදුයි ඉතින්
පෙම් කරන්නට හැමට...

හිත් යාය ගොඩ ගලන
බිනර මහ ග්‍රීස්මෙට...

වස්සානයේ තුමුල
ගංවතුර ගලන කොට...

කරුණාව නෙත තියා
හැමෝටම ළං වෙන්න...

ගම්මු හරි මනාපයි
හැමට සරණක් වෙන්න...

ගම්මානයේ සොදුරු
පන්සල් බිමේ අරුම...

පුර පොහොය සද නැගෙන
රෑ යාමයට උරුම...

සිල්වත් ම මදහාස
නෙතු පුරා තවරගෙන...

ගම්මු පන්සල් ගියා
බැති මල් පොකුරු රැගෙන...

අද වගේ නෙවෙයි ඔය
හෙන ගහන වැස්ස යට...

මහ පොළොව පුලුස්සන
ගිනි ගහන අවුව යට...

උදැල්ලට වාරු වී
මුළු දිවා කාලයම...

ගොවිතැන් කළා උතුම්
දේව කාරියක් ලෙස...

ආදරෙන් හැම තැනම
ජීවිතේ බෙදන්නට...

ගම්මු හරි ආදරෙයි
මේ ගහට මල්වලට...??

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago හරිම ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps