චතුරංගි හර්ශිකා 3 years ago 133 3 4

Nisadas Image

දිළිදු සහ ධනවත්

ජීවිතය නම්,

හවහට වහිනකොට...
කාණු වැහි වතුරෙන් පිරෙනකොට...

තවත් එක නැවතුමක...
දුගී පවුලක් හඩා වැටුණා මැදියමක...

මැසි මදුරු ගැහැට මැද...
හිස් කුස කෑ ගහන මොහොතක...

ජීවිතේ නෙක ගැහැට...
උරා බිව්වා ජීවය නිතර නිතර...

අහසින් වැටෙන කඳුලට
සේදුණා ඒ ජීවිත...

නෙක නෙක ගැහැට මැද
විඳින ලොව විඳවන කොට...

තවත් උන් සැනසුනා
සොඳුරු සත් මහල් මැදුරක...

එකෙක් විඳින මොහොතක
දහසක් දෙනා විඳවනු ඇත අඳුරු මුලුවල...

ජීවිතය නම් මෙයයි
නොතේරෙන අරුම රංගනය...

මම,
චතූ


Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ?? ඇත්තමයි හරිම අර්ථවත්....

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

ශශී❤️? 3 years ago ❤️?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps