චතුරංගි හර්ශිකා 3 years ago 101 3 4

Nisadas Image

අම්මා තාත්තා

___________________________________??__
??දන්නවද!

උඹේ කුස පුරවන්න
කප්පරක් ගිනි දරාගෙන
දහඩිය කදුළ දිය කලේ
උඹේ අම්මා තාත්තා...

ගිනි ගොඩක හිත තියාන
මල් යහනක නුඹ තියන්න
නොවිදිනා දුක් වින්ද සුසුම
උඹේ අම්මා තාත්තා...

ගල් බොරලු වැලි අතර
හඩා වැටෙන දෑස් ළග
අස්වැසිල්ලක් වුණු සෙවන
උඹේ අම්මා තාත්තා...

ජීවිතේ රළු ගමන
දරු සෙනෙහෙ තුරුළු කර
නූපන් අනාගතය මවන අරුමය
උඹේ අම්මා තාත්තා...

දිවි මගේ නැවතුමක
නුඹ දැන නොදැන මග හැරෙන
නොවැටුණු කදුළු බිදුවත්
උඹේ අම්මා තාත්තා...

මම
චතූ

__________________________________??___
(ඔය උඹේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදී උඹව ඇස් දෙක වගේ බලාගන්න ඒ ආදරේට කවදාවත් ම ගින්නක් දෙන්නෙපා...)

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
12 .02 am

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?✍️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you ❤

ශශී❤️? 3 years ago ලස්සනයි සන්වේදියි❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps