චතුරංගි හර්ශිකා 3 years ago 143 3 4

Nisadas Image

☔හරි සැරට වැස්ස!⚡☔

⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈

☔ එක සිතුවිල්ලක් ?

අහස පුරාවට
වැහි වලාකුළු
එකිනෙකාට
හිනාවෙනවා...⛈

අකුණු සද්දෙට
රෑ පුරාවට
සැරින් සැරේට
ගැස්සිලා ඇහැරෙනවා...⚡⛈

මෙහෙට මොකටද
මෙච්චර වැස්ස
ගොවිතැන් කරනවා
කියල නම් කමක් නෑ...⛈

ඔය වතුර ටික
අර වියළි පලාතේ
කරවෙච්ච පොළොවට
හැලුවනං මොකද...☀️

වගා බිම් ගිනි අව්වට
නිතරම පිච්චෙනකොට
අහස දිහා බලාගෙන
ගොවියො හූල්ලනවා තරගෙට...⛈

නිකං බොරුවට
අපරාදෙ
උන්ට පොඩ්ඩක්වත් ඇත්තෙත් නෑ
අපිට මෙච්චර වැඩකුත් නෑ...⛈☔

- මම,
චතූ ⛈

⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
12.12am☔

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ?❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago ?✍

ශශී❤️? 3 years ago ??❤️

චතුරංගි හර්ශිකා 3 years ago ?✍⛈





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps