චතුරංගි හර්ශිකා 3 years ago 110 3 4

Nisadas Image

ආදරණීය කවිකාරියේ

__________________________________??___

??හිතවතිය,

හැමදාම මට පුරුදු මගෙ කවිය
ලියනකොට...
නොවෙනස්ව පිළිතුරක් තිබුණෙ ඔය
නුඹ ගාව...
කවියෙක්ට පත්ඉරුව කවි වලින් පුරවන්න...
නුඹ වගේ රසවිදින සොඳුරු හිත්
සවියක් ය...

ජීවිතේ කතාවේ දුක සතුට
දකිනකොට...
මම මගේ පාඩුවේ අකුරු කෙරුවෙමි මෙතැන...
ඔය නුඹේ හිතවත්ම මිතුරු සිනහව සමග...
දන්නවද හිතවතිය බැඳුනි මගෙ කවි හිතම...

කවි පොතේ පිටු අතර නුඹෙ මුහුණ නොදැක්කට...
නොදුටු මිතුරිය නුඹට ළෙංගතුයි
සිතුවිල්ල...
හැබෑවට හමු නොවී මේ තරම්
ලංවෙච්ච...
එකම මිතුරිය නුඹයි ජීවිතේ
හමුවෙච්ච...

මම
චතූ ✍

__________________________________??___

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ? Woooow? අක්කි thank you so much ගොඩාක් ලස්සනයි ✍️?

චතුරංගි හර්ශිකා 3 years ago Thank you Dr?❤

ශශී❤️? 3 years ago ම්ම්ම් ලස්සනයි ???

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps