චතුරංගි හර්ශිකා 3 years ago 100 4 4

Nisadas Image

වැහි හුළඟ

2020 ඔක්තොම්බර් මස 14 වැනි දා
5.39pm
____________________________⛈️⛈️⛈️__️_____

මීදුම අහස පුරව ගන්නකොට
කැලෑ අයිරිෂ් මල් හිනාවෙනවා...

එකම එක රතු රෝස මලක් ළඟ
නැවතිලා උන්නු කාලය මතක් වෙනවා...

නුවරට වහින වැස්ස හරි සැරයි
මහ වැස්ස තාමත් අපි ගැන අහනවා...☔

කලු සුදු පාටට පින්තූරය ගත්තු නිසා
රතු රෝස මල පිච්චිලා වගේ පේනවා...

ඇත්තටම නම් ඒ ආදරේ
තාමත් හිත ඇතුලෙ ජීවත් වෙනවා...

මතක අහුරක් දෝතට අරගෙන
මන්දාරම තුරු මුදුනක කතාවක් ලියනවා...

ජීවිතේ තවත් එක පිටුවක්
වැහි හුළඟට පෙරලිලා යනවා...⛈

මම,
චතූ✍
________________________________⛈⛈⛈__

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you Dr?❤

ශශී❤️? 3 years ago ඔයා නම් කවි ලියන්නමයි ඉපදිලා තියෙන්නෙ ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks Shashi?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps