චතුරංගි හර්ශිකා 3 years ago 104 4 3

Nisadas Image

කණාමැදිරියෝ

- සිතුවිල්ලක් -

පරණ බල්බය
පිච්චිලා වත් ද
අලුත් බුබුලක්
අරගත්තෙ නුඹ! ?

කොහොමටත්
හැමදාම එක වගේ
ඉන්න බෑ
හැමෝම යනවා වයසට ?

මොනතරම්
උත්සාහ ගත්තත්
එක මොහොතකදි
ජීවිතේ තැනක ?

මාරයා අඩ ගසන
මොහොතක
යා යුතුව ඇත
අපිත් හනි හනිකට ?

සොබාදහමේ
නියමයක් එය
මිනිස්සුන්ගෙත්
දත් වැටෙනකොට ?

බොරු කුට්ටමකින්
නිරුවත් විදුරුමස
වහනවා අපිත්
හරි හරියට ?

ඒ වගේමද
උඹලගෙත් ඔය
කදෝපැණි එළිය ?
ඩිම් වෙන දාට

නියොන් බුබුලක්
අරන් හනිකට
අලව ගන්නවද
හරි හරියට ?

- චතූ

_____________________________________?___

Comments (3)

ශශී❤️? 3 years ago ??❤

Deesha(දීෂා)❤️ 3 years ago ? Nice ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps