චතුරංගි හර්ශිකා 3 years ago 120 3 4

Nisadas Image

විලාසිනියක්

හැමදාම ගොම්මනේ
පහන් කණුවක් අසල
ජීවිතේ හොයනවා
රෑ කරුවලේ නිතර...

එකින් එක එහේ මෙහෙ
යනෙන වාහන අතර
එක්කෙනෙක් ඈ රැගෙන
යයි නිවන් සොයන්නට...

දෙතොල් රතු සායමින්
පාට කෙරුවේ තදට
දෙනෙත් අංජන ඉලූ
මීන දෑසේ අගට...

පුරුද්දට වගේ ඇයි
ආවෙ කදුලක් මෙලෙස
දන්නවා ගිරි දුවේ
නුඹ දරන දුක් කන්ද...

සැමියා නැති ගේ පැලේ
දරුවො බඩගින්නෙන්ද
ඇගේ මස් විකුණලා
කන්න දුන්නද උන්ට...

නිරන්තර ජීවිතේ
ගැහැට විදිනා උන්ට
පඩුපුල් ආසනේ
රත් වුණේ නැතුවාද...

ලෝකෙන්ම කුණු කතා
කෝටියක් කියනකොට
ජීවිතේ හොයාගෙන
කදුළු හංගන උඹට...

යන්තමින් හරි ඉතින්
සැනසීම ගෙන එන්ට
ලෝකේ දිහා බලන
සක් දෙවිඳු නුඹ නිදිද...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ??? රළු කටු පඳුරු තුළින් දහසක් දිවි බර උසුලන උත්තරීතරම මවක් හට මෙය නොවිය යුතුයි එකම විකල්පය

චතුරංගි හර්ශිකා 3 years ago ඒක හරි දීශා

Amil Harsha 3 years ago Paata akki

චතුරංගි හර්ශිකා 3 years ago Thanks Malli?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps