චතුරංගි හර්ශිකා 3 years ago 136 4 5

Nisadas Image

යශෝධරා වෙන්නද මම නුඹේ

මුළු ලෝකයට හොරෙන් රහසේ
සෙනේ තොටුපොලේ
අපි පාට කෙරුව අනාගතේ
සිහිනයක්ම වේ...
ඔය දෙතොලතරේ මිමිණූ පෙම
තවම හිත තිබේ...
පොඩි වූ මල් පෙති අතරේ
සොයමි රුව නුඹේ...

පුරහඳ ළග බලා නොසිට
අනන්තය දිගේ...
ආවෙමි එනමුත් සදවත
හිතේ නිතර ඇදේ...
අපි මග හැරුණත් මේ හවයේ
අහම්බෙන් වගේ...
යළි මතු භවයක යශෝධරා
වෙන්නද මම නුඹේ...

චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago Nice ?

සත්සරණි 3 years ago lassani ❤❤

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

Kavinda Sahan 3 years ago ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps