චතුරංගි හර්ශිකා 4 years ago 141 4 4

Nisadas Image

මම

නොදකිනා හීන මැද
ජීවිතය දුටුවාම
හඩන නෙතගට සිනහ මැවෙනවා...

වසන්තය වුණත් ඒ
ගිම්හානයට ඉතිං
ඉඩදීලා නවතින්න සිතනවා...

කුමුදු මල් පෙත්තකට
පිණි පොදක් වැටුනාම
ඉර එළිය ඒ පින්න මකනවා...

හීනයෙන් හීනියට
ජීවිතය සොයා ගිය
මාවතේ මම බලා ඉන්නවා...

- චතූ

Comments (4)

සත්සරණි 4 years ago Nice

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ✍️

✍️Nilushi Nisansala✍️ 4 years ago ❤️❤️❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps