චතුරංගි හර්ශිකා 4 years ago 132 4 5

Nisadas Image

නුඹ අත්හැර දැමු ඇය

හඩද්දි මුළු ලෝකයම අහිමිවෙලා කෙනෙක්
තව තැනක හිනා පිරුණු ලස්සන කතාවක්...

ඇය නෙවෙයි නුඹයි හැර ගියේ ඇයවත්...

රිදෙද්දි සීරුවට තිබුණු ලස්සන හිතත්
මළ පොතක්
අනිවාරතේ උඹ ලියපු එළිසමය නැති කවියක්...

ඇය නෙවෙයි නුඹයි රිද්දුවේ ඇයවත්...

අලවද්දි ඇය ඇගේ බිදුණු හිත අදටත්
රිදෙන මතක ඇගේ ඇස් ළග තියෙන මොහොතෙම
උඹ ලස්සනට කෑවා මගුලක්...

ඇය නෙවෙයි නුඹයි රැවටුවේ ආලෙත්...

නැගිටිද්දි ඇය වැටුණු තැනින් තනියෙන්
රිදෙන හිත හැංගුවා ඇය ඇගේ නෙත් කැල්මෙන්...

ඇය නෙවෙයි නුඹයි පැරදුණේ ජීවිතෙන්...


චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago ? හ්ම්ම් ඔව්, ලස්සනයි ගොඩක් ✍️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you

සත්සරණි 4 years ago Lassni

✍️Nilushi Nisansala✍️ 4 years ago ඒකනම් ගොඩක් ලස්සනයි .❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps