චතුරංගි හර්ශිකා 4 years ago 156 3 3

Nisadas Image

සොයා යන මග

හුදෙකලා විරාමයක
හිත නැවතුණි...

අවසන් නොකළ කවියක්
යළිදු දුටුවෙමි...

සිනහව අකුරු කළ
අකුරු අතරම...

අපේ කවියත්
ලියා තැබුවෙමි...

මම කවියෙකු නොවීමි
මම රචකයෙකු නොවීමි...

මා ලියූ අකුරු පුරාවට
සිටියේ ඔබ පමණි...

හුදෙක්ම
මම ඔබ ගැන සටහන් තැබූ
මියගිය හදවතක් මි...

ප්‍රේමය මියැදි කල
කවිකමක් උපදීද?

මේ එකී අකුරු සියල්ල
කවියක් ද?

නොහඩා ඉවසපන් හදවත
මියැදි කවිකම සොයා යන්නෙමි මම...

- චතූ

Comments (3)

සත්සරණි 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago ? අනේ

චතුරංගි හර්ශිකා 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps