චතුරංගි හර්ශිකා 4 years ago 143 2 2

Nisadas Image

හිනාවෙලා ඉමු

මැලවුණු හිතක අයිනක වුව
දන්නවද
නොමැරුණු මල් කැකුළු ඇත නොපෙනෙන කොණක
රිදෙනා මතක අහසේ දුර
ඈතකට
යළි පියඹන්න හැකි සතුටින්
අනන්තෙට...

නොලැබෙන දේ කොතරම් තිබුණත්
මෙලොවේ
කදුලින් දිවිය ගෙවුමට අවැසිද
මිතුරේ
නොලැබුණු දේ ගැන සිතමින්
නිරන්තරේ
හඩා වැටෙන්නට අවැසිම නැත
දිවියේ...

සිනහව උකස් කල මුත් එක එකා
ළග
සින්නක්කර නොදෙනු සිනහව
කිසිදාක
ජීවිතයේ කටුක දුක් වේදනා
මැද
පරසතු මලක් විය හැකි වෙයි
නුඹට හෙට...

දන්නවාද මේ ගහ කොළ යට
රෑට
සුරංගනාවියො එනවලු
හැමදාම
නොදුටු නොසිතූ ලෝකය
සොඳුරුයි තවම
ඉතින් හිනාවෙමු අපි හැරදා
කදුල...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?✍️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps