චතුරංගි හර්ශිකා 4 years ago 141 5 5

Nisadas Image

ඔබ ගියාම

ඔබ ගියාම දුක තියලා
නිදි වරා තනිව හඩලා
නෙත් ඉමේ කදුළු කැට මුහුදක් තරමට
හලන්න ඇති මම හිත පුරවා...

නුඹ තමයි ප්‍රථම කවියත් මට
නුඹ තමයි එකම කවියත් මට
ආදරයේ කවියේ හැම පදයම මට
නුඹ විතරයි හැමදාටම...

මම බලා සිටින්නම් නිතරම
සුළි කුණාටුවෙන් විසිරුණු පෙම
යළි එකතු කරන්නට නොහැකි වුණත් මම
රැදී සිටිනවා එතැනම...

නුඹ ගැනම සිතන්නම් දිවියම
මේ පුරාවතේ හැම පිටුවම
හරි ආදරයෙන් නිරතුරු රැක ගන්නම්
අපේ මතක පිරි දිනපොත...

- චතූ

Comments (5)

Kavinda Sahan 4 years ago ❤️

✍️Nilushi Nisansala✍️ 4 years ago ❤️❤️❤️❤️

Deesha(දීෂා)❤️ 4 years ago ???

සත්සරණි 4 years ago Wooow ?❤

චතුරංගි හර්ශිකා 4 years ago Thanks?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps