චතුරංගි හර්ශිකා 4 years ago 125 3 4

Nisadas Image

අද

2020 සැප්තැම්බර් මස 07 වෙනි දා

රෑ ගොම්මනට
රෑ බදුල්ලෙක්
පාට පුරවනවා...

මේ තුරු ලිය ගොමු මණ්ඩපයේ
එක බංකුවක
මම හිතින් වාඩි වෙලා ඉන්නවා...

වෙන කවුරුත් නෑ
මම විතරයි
තනියම...

නම නොදන්න
මොකක් දෝ මලක
මිහිරි සුවඳක්
සුළගත් එක්ක මේ පැත්තට එනවා...

මේ ලිය ගොමු මැද
සිමෙන්ති බංකු අතරේ
කොයි තරම් නම්
ආදර කතා තියෙන්නට ඇතිද...

මෙහෙම හමුවෙලා
ජීවිතේ පුරා එකට ඉන්න
ගිවිස ගත්ත උන්
කොයි තරම් ඉන්න ඇතිද...

ජීවිතේ කවියක්
අපි ම ලියන
අපිම කියවන...

හරි හීනියට
පළගැටියෙක්
කෑ ගහනවා...

මේ පුංචි මාවත් දිගේ
ලියැවුණු දහස් ගණන් කතන්දර
රෑ පුරහද
ගස් මුදුන් වලට
හොර හොරෙන් කියනවා...

සරසවියෙ හැම බිම් අගලකම
වසන්තය ජීවත් වෙනවා
හදවත ගැහෙනවා දැනෙනවා...

හරියට හීනෙන් ගෑ
සුවඳක් වගේ
අමුතු පින්බර ලස්සනක්
මේ මීදුම ඇතුලෙන්
හිතට ගොඩ වෙනවා...

අනාගතය හොයාගෙන
ආපු ගොඩක් උන්
ආශිර්වාද ලබපු
මේ බිමේ හැම ඉමකම
පුදුම ළෙංගතුකමක් ලියවිලා
තියෙනවා...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?

සත්සරණි 4 years ago Nice ???

චතුරංගි හර්ශිකා 4 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps