චතුරංගි හර්ශිකා 4 years ago 140 4 6

Nisadas Image

ආගන්තුක දෙනෙතක් ළග

කරුවල අරන් ගගනත ඉම
නවතින්න...
රෑ පුර හඳට මයෙ හිත ගියෙ
නෑ ඔන්න...
එනමුත් නිතර උඹෙ මුව සිහියට
එන්න...
මෙතරම් වද දෙන්නෙ ඇයි හිත තුළ දැන්ම...

ප්‍රේමය කවි නොකර ඉන්නට
මම ම මට...
පොරොන්දු වී ඇත බැහැ
නවතින්න අද...
තරු ඇස් වලින් නිතරම මට
ඉගි කරන...
උඹ ළග නතර වෙන්නේ නෑ
මගේ හිත...

මේ මල් පාර ළග අද
උදයෙත් හිටියා...
නාදුනනා ඔය ඇස් මට
කතා කළා...
කොතරම් කරත් ඇවිටිලි දෙනෙතේ
තවරා...
නවතින්නට හිතක් නෑ මගෙ හිත දැන් මැරිලා...

වසන්තයට ආ කොවුලෙක්
වගේ උඹ...
හිත මත ගයනවා ගීයක්
ඉගි කරන...
හැම දවසකම මගෙ නෙත් ළග
නතර වෙන...
නුඹට දෙන්න මට දැන් නැහැ
මගේ හිත...

උඹ ලස්සනයි තරු ඇස් හිත
පුරා රැඳෙයි...
උඹ ළග නවතින්න මගෙ හිත
නිතර සිතයි...
මම විදවාපු ප්‍රේමය මට
තව රිද්දයි...
ඒ හින්දාම යළි ප්‍රේමය අවැසි
නොවෙයි...

- චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago ? යලි ප්‍රේමය අවැසියි ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Mmm... Thank you

✍️Nilushi Nisansala✍️ 4 years ago පෑරුණු සිත් හදන හැදුණූ සිත් පාරන අපූරු භාවනාවකි ප්‍රේමය

සත්සරණි 4 years ago ම්ම් ලස්සනයි ගොඩක්

චතුරංගි හර්ශිකා 4 years ago ම්... ඔව් ?✍

චතුරංගි හර්ශිකා 4 years ago Thank you sathsarani





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps