චතුරංගි හර්ශිකා 4 years ago 137 3 3

Nisadas Image

මගෙ හීන

මැද මිදුලෙ වාඩිවෙලා
රෑ පුර හඳ දිහා බලාගෙන
මම ඉන්නවා
දැන් රෑ මැදියම...

බොරදම් කැටයම් අතරින්
හඳ එළිය හරි ලස්සනට
රටා මවනවා
වැලි මිදුලේ...

කලු පාට
මේසෙ කකුලකට
හද එළිය රේඛාවක් වැටිලා
හරියට සුදු පාට සර්පයෙක් වගේ...

හීතල හුළගක්
මල් සුවඳකුත් අරන්
නාස් පුඩුවල ඇතිල්ලෙනවා
හුරතලේට වගේ...

මොන මල් සුවඳ ද ඒ
මගෙ හිත මගෙන් අහනවා
මං හිතන්නේ සේපාලිකා මල්
ඔව් ඔව් ඒ සේපාලිකා මල් තමයි
මගෙ හිතත් මට එකග වෙනවා...

රැහැයියෙක්
පුළුවන් උපරිම හයියෙන්
කෑගහනවා
එකපාරටම ඒ සද්දෙ නැවතුණා...
පුපුරලා යන්න ඇති
මගෙ හිත කියනවා...

ඔව් වෙන්න ඇති
හරියට අපේ ජීවිතේ වගේ
කෑගහලා කෑගහලා...
එකපාරටම පුපුරලා යනවා...

රෑ හරි ලස්සනයි
හිත නිවෙනවා
මගෙ හිතත්
මැද මිදුලෙ බීරළු අතරෙ එල්ලිලා
කල්පනා මාලිගාවක් හදනවා...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you

✍️Nilushi Nisansala✍️ 4 years ago ❤️❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps