චතුරංගි හර්ශිකා 4 years ago 86 3 3

Nisadas Image

නුඹ වෙත,

මෙහෙට නම් දිගටම වැස්ස
උදේ හවස වෙනසක් නෑ
රෑට පවා වහිනවා
හරි සැරට...

එහෙට කොහොමද
මේ වගේම වැස්සද
මිණි පුර ගංගාවල
වතුර ගොඩ ගලනවද...

පහළ ගග
ගේ ගාවටම
මේ පාරත්
වතුර අරන් ආවද...

දැන් පතල් යන්න
බෑ නේද
ගග පිටාර ගලන කොට
කොහොම මැණික් හොයන්නද...

කොහොමටත්
මම ඒ දවස්වලත් කිව්වෙ
නුඹ නොයනව නම් හොඳයි
ඔය අවදානම් වැඩ වලට...

කියන දෙයක්
නෑහුවට ඉතිං
ඔය හිතුවක්කාරකමටත්
හරි ආදරෙයි මම...

කොහොම උනත්
මේ වහින කාලෙට
ජීවිතේට ගොඩක්
ප්‍රශ්න එයි නේද...

මොනවා කරන්නද
මටත් හරි දුකයි
මුරණ්ඩු උනාට
හරි අහිංසකයි නුඹ මට...

තවමත් පුරුදු තැන
ඉස්සර වගේ
වැඩ කරන්න
දැනුත් එනවද...

ආයෙත් පරණ
පුරුදු ඉතිං
නැවතුණු තැනින්
පටන් අරන්ද...

ඔය මුරණ්ඩු උඹේ
කන්දෙකෙන් ගලවගත්ත
රස්තියාදුකාර
කරාඹු දෙක පවා...

තවමත් තියෙනවා
මං ළග පරිස්සමට
හමුවුණොතින් ආයෙ
දෙන්නත් පුළුවන්...

මොන දේ වුණත්
හොඳින් ජීවත් වෙන්න
ඒකෙන් මට නෙවෙයි
උඹටමයි හොඳ...

උත්සාහ කරන්න
ජීවිතේ ලස්සනට
පිළිවෙලක් කරගන්න
දැන් වත් ටිකක්...

මම හිත හදාගන්නම්
උඹ ගැන හිතලා
ඉස්සර වගේම
හරි ආදරෙයි තාමත්...

- චතූ

Comments (3)

සත්සරණි 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago ?? ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps