චතුරංගි හර්ශිකා 4 years ago 84 5 4
හරි රස්නෙට රැස් පොළොවට අරන් එන
ඉර එළියට ඇස් රිද්දන සුළං
මැද
මද්දහනක මම නොදනිමි ඇයිද
අද
මම තවමත් නතර වුණේ මතක මැද...
මතකය මරා වැලලූ පසුවත්
දිනෙක
තවමත් මා හඹා එන්නේ නුඹ
ඇයිද
අහිමිව ගියපු දේවල් ලොව කොතරම් ද
එක නැවතුමක් යනු අවසානය වේද...
නිතරම හිතට සුසුමක් බර
වූවාට
නොලැබෙන දේට කුමටද තැවිලා මෙලෙස
දැන් නම් මට නුඹ ඕනෑ නැහැ
නේද
මතකෙට එන්නෙ පුරුද්දකට වාගේද...
හිත හරි අමුතු අරුමැති ජීවියෙක් වැනි
ඕනෑ නැති වුවත් නුඹ ගැන අසයි නිති
කොහොමත් මතක මැරුමට මට බලෙන් බැරී
කාලෙත් එක්ක නුඹෙ මතකෙත් යාවි මැකී...
ඉර අවරට ගොස් සද නැගෙනා
යාමේ
තරු කුමරියකට හිරු පෙම් බැන්දානේ
එනමුත් ඉර යා යුතුමයි සද
එයිනේ
තරු පායන්නෙ මහ රෑටයි දුර ගගනේ...
විසිරෙන හිතුවිල්ල එක තැනකට ගෙන්වා
මා ළග තබා ගන්නට මම වෙහෙසෙනවා
හිත මගෙ ළගින් තබලා දම්වැල් දමලා
හිර කළ යුතුයි කුමටද නුඹ ගැන හිතලා...
තවත් ඉතින් මට කදුලක්
නැහැ සබද
නැවත නොආ එක යහපත් හැමෝටම
මෙහෙම ඉවර වෙන්නට මේ කතාවම
සසරේ පුරුද්දට එන්නැති පතාගෙන...
- චතූ
Deesha(දීෂා)❤️ 4 years ago Hmm හරිම ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?
සත්සරණි 4 years ago Nice
චතුරංගි හර්ශිකා 4 years ago Thanks