චතුරංගි හර්ශිකා 4 years ago 101 4 3

Nisadas Image

ලියන්නෙ මොනවද

මොනවා ලියන්නද
ලියන ලියන තැන
කදුළු අකුරු කරන්න
ඇත්තටම කවියො කැමතිද...

කියවන කියවන තැන
කදුළු දකින්න
කදුළු බෙදාගන්න
කියවන උන් කැමතිද...

පෑනෙන් එන්නෙ
තීන්ත වෙනුවට
කදුළු නං
කරන්නෙ මොකක්ද...

ලියන්නෙ කොලයක නොවී
මගෙ හිත මත නම්
කාටවත් නොපෙනෙන්න
මකන්නෙ කොහොමද...

මටත් හැකි නම්
කොලයක් අරන්
පෑනක් අරන්
හිනා අකුරු කරන්න...

උඹ මට හමු නොවුණා නම්
අපි වෙන් නොවුණා නම්
මටත් තිබුණා
ලස්සනට ලියන්න...

මම තවමත් හොයනවා
උඹ අරන්
විසි කරලා ගිය
මගෙ හිත...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago ??

චතුරංගි හර්ශිකා 4 years ago ?

සත්සරණි 4 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps