චතුරංගි හර්ශිකා 4 years ago 108 3 3

Nisadas Image

අප්පච්චි

හැමදාම මේ ඉරිඟු
යාය මැද රජ වුණා...

කුසගින්න නිවන්නට
මහපොළොව දිය කරා...

ආදරේ ගගක් වී
පපුව තුළ හිර වුණා...

අප්පච්චි උඹ මගේ
එකම ලෝකය වුණා...

ආදරෙයි දෝ කියා
මම උඹෙන් ඇහුවෙ නෑ...

ආදරෙයි කියා මට
කිසිදිනක කිව්වෙ නෑ...

අප්‍රකාශිත එකම
උතුම් පෙම මැරුණෙ නෑ...

කවි නොකළ උඹේ පෙම
කිසි දිනෙක හිදුනෙ නෑ...

මේ බිමේ පස් සුවඳ
උඹ ළගින් ආවාම...

කට්ට අවුවත් උඹට
පෙම් කරා හැමදාම...

ඉරිඟු පැළ ළපටි පොඩිඋන්
වගේ රැකගත්ත...

ඉරිඟු ගස් මුල මගේ
අප්පච්චි බුදු වෙන්න...

- චතූ

Comments (3)

Sonali Sewwandi 4 years ago Lassanaii

Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක්ම ලස්සනයි අප්පච්චි හැමදාම සතුටින් ඉන්න ඕනි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps