චතුරංගි හර්ශිකා 4 years ago 133 2 2

Nisadas Image

කතාවක්

මේ ටිකේම කලබලේට
හිතන්නවත් බැරි වුණානෙ
මම ආසම ලස්සන එක
පොතක් මටත් හම්බුණානෙ...

මගෙ දිනපොත මේ අහපන්
පුදුම කතාවක් තියෙන්නෙ
එකමත් එක කාලෙක මම
සිටුවරයෙක් ගැන කියන්නෙ...

මොන්ත ක්‍රිස්තෝ ඔහු පුදුමයි
දෛවය ඔහු පෙරළද්දී
හරි හයියට නැගිටින්නට
යකඩ හිතක් ළග තිබුණී...

තරුණ වියේ සුන්දර ඔහු
ආලය කළ මර්සිදී
අහිමි වුණේ ඉරිසියාව
ඇති උන් හින්දයි නිතී...

වැටෙන තරම් කොතරම් ලොව
නතර නොවී නැගිටිනවා
පුදුම මොන්ත ක්‍රිස්තෝ ළග
මගෙ හදවත නැවතෙනවා...

ජීවිතයේ තමන් පවා
තමන්ට අහිමිව ගියා
පුදුම තරම් හයිය හිතට
බොහෝ ඉසුරු හිමිවුණා...

හෙට දිනයේ මගෙ හිස මත
ලෝකය වැටුණත් කඩා
ධෛර්යයෙන් මුහුණ දෙන්න
ඒ කතාව ඇති වුණා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි අර්ථවත්

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps