චතුරංගි හර්ශිකා 4 years ago 211 4 6

Nisadas Image

ලියුමක්!

ආදරණීය මිතුරිය වෙත,

මම මගේ හිත කවි කරන්නට
මෙහෙට ආවම හමුවුණේ නුඹ...

ඇත්තමයි හරි ලස්සනයි නුඹෙ
කවි ලියන කවිකාර හදවත...

මම නොදුටු මගෙ සුහද මිතුරිය
ලියන්නට සහ රසවිඳින්නට...

කදිම මනසක් උරුම නුඹ ළග
තිබුණු ආදරණීය හදවත...

මම මෙහෙට ගොඩ වැදුණු දා සිට
නොදුටු මේ ඉම කොහෙද මුල්ලක...

මම තැබූ මගෙ හැම සටහනම
කියෙව්වා නුඹෙ මිතුරු හදවත...

හිතේ දුක වාගේම සතුටත්
අනිත් උන් හා බෙදා ගන්නට...

දිනපොතක් වාගෙමයි මට දැන්
මගේ නිසදැස් ලියන මේ තැන...

මේ ඉසව්වේ හුදෙකලා බව
මැදින් මට මුණගැහුනු නුඹ ළග...

තිබුණු සුහදම මිතුරු හදවත
සුන්දරයි කවිකාර මිතුරිය...

මට පෙන්වු නව කවි සයුර මැද
මම මගේ හිත් නැව පදවගෙන...

සිතළු දිග හරිමින් තුටින් යමි
අපූරුයි ඔබ කියපු ඒ තැන...

කවිකාර උන් ගොඩවෙනා නිති
සෙනෙහෙබර හිත් අකුරු වෙන නිති...

හිතළු ඉම එක සොඳුරු මුල්ලක්
මටත් ලැබුණා කදුළු හෙම නැති...

නුඹට තුති පුදනෙමි මිතුරි නිති
සෙනෙහෙබර නුඹ කවියක් ම රිසි...

වදන් අතරේ හැමදාම අපි
මෙහෙම හමුවෙමු වචන තුළ නිති...

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago නේක විධ කවි කිවිදියන් මැද මගේ සිත් ගත් කිවිඳියෙකි ඔබ නුදුටු නුඹෙ රුව මාවාගෙන හද නු⁣ඹේ සිතුවිලි රසවිඳිමි මම...

Deesha(දීෂා)❤️ 4 years ago නුඹේ සිතුවිලි රසවිඳිමි මම ගොඩාක් ලස්සනයි, වගේම ස්තුතියි

චතුරංගි හර්ශිකා 4 years ago ගොඩක් ලස්සනයි ?

Kavinda Sahan 4 years ago Lassanai

සත්සරණි 4 years ago ??

චතුරංගි හර්ශිකා 4 years ago Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps