චතුරංගි හර්ශිකා 4 years ago 144 2 2

Nisadas Image

එදා

මෙහෙට කිව්වා වගේම වැස්ස
ළගකදී පායන පාටක් නෑ වගේ...

රෑට වහිනකොට හරි සද්දෙ
වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට දෙවෙනි නෑ අකුණු සද්දෙ...

ඒත් මගෙ හිත වැහි වලාකුළු එක්කම
අතීතෙට දුවනවා...

අද පෝය දා
උදේම ගියේ කැලණිතිස්ස ගහ බලන්න
උඹයි මමයි මුණ ගැහුනු තැන
අද වගේම දවසක...

දවල් පන්සල් ගියා
හවස ඉදලම වැස්ස...

මගෙ ජීවිතෙත් වැස්ස වගේ
ඔහේ ගලාගෙන යන සිද්ධි කදුළු වලට හේදෙනවා...
මට උඹව මතක් වෙනවා...
මතකද එදා

මේ වගේම හරි සැරට වැස්ස
උදේ ඉදලම වහිනවා...

වීදුරු දොරෙන් මගේ දිහා බලලා
එදා දවල් උඹ හිනාවුණා...
ඒ අපි අපිව දැක්ක අන්තිම දවස
මට ඒ වෙලාවේ එහෙම හිතුනෙ නෑ...

හවස මම යනකොට
ඉස්සර පුරුදු විදිහට උඹ එදත් හිටියෙ නෑ...

උඹම පටන් ගත්ත සමහර පුරුදු
උඹම අමතක කරනකොට
ඇත්තටම කදුළු එනවා...

වටින දේවල් වටිනවා කියලා
පරිස්සමට තියාගන්න අයට
වටින දේවල් දෙන්න ආසයි...
මම ඒකයි උඹට මගේ
හිත දුන්නේ...

මැරිච්ච පැලේකට වතුර දාලා
තේරුමක් නෑ
මම දැන දැනම කරන්නෙම ඒක...

එහෙටත් වහිනවද?
මේ වගේ...

මම අකුණු වලට බය නෑ
මම බය මතක වලට...

මතක අකුණු වැදිලා
මගෙ හිතත් පිච්චිලා...

ඒක නිවන්න
හැමදාම වගේ මම
කදුළු වතුර හලනවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ????

චතුරංගි හර්ශිකා 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps