චතුරංගි හර්ශිකා 4 years ago 121 3 5

Nisadas Image

ගඟ

මම දැන් ඉන්නෙ පහළ
ගඟ ගාව

ගිය අවුරුද්දේ
මේ මාසේ අද වගේ දවසක

මෙතැනට ආවා මතකයිද ?

අමතක වෙන්න බෑ
උඹ අමතක කරන්න ඇති
බලෙන්ම

ගඟ තාමත් එහෙමයි
ගලාගෙන යනවා

ඒත්
ගඟ මාව අදුනන්නෙ නෑ වගේ
අහක බලාගෙන ඉන්නවා

ගඟට මතක නැතුව ඇති
තනි මාව

හැමදාම අපි දෙන්නම ආපු නිසා
ගඟට මතක අපි දෙන්නම එකට ඉන්න රූපයක් වෙන්න ඇති

මම ගඟට කතා කළා
අර අපි කෑම දාපු මාළුවන්ටත්
කතා කළා

මම කිව්වා
උඹ ගියා කියලා

ආයෙ නේන්නම
ගඟත් ඇඩුවා

ගඟ අඩනවා දැකලද කොහෙද
අහසත් අඩන්න ගත්තා

වැස්ස කඩා වැටුණා

උඹ මට තෙමෙන්න එපා කියලා ඒ දවස්වල
කිව්ව හැටි මට මතක් වුණා

දැන් මම
මම කැමැත්තෙන්ම තෙමුනා

වැහි බිංදු වැටෙනකොට
මමත් එතැන නොරැදී
ගෙදර ආවා

ආයෙත් මම නොයා ඉන්න හිතන් ඉන්නෙ
ගඟ ළගට

මොකද

එතන උඹ ඉන්නවා වගේ මට දැනෙනවා
එතන ඉවුරක මට අපේ මතක හිත තියලා එන්න ඇත්නම්

- චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago කෙනෙකුට එක ගඟක් දැකිය නොහැකිය දෙවරක් මිනිස්සුත් ඒ වගේ ඉක්මනින් වෙනස් වෙනවා

Deesha(දීෂා)❤️ 4 years ago දුක හංගන්න ලියපු ලස්සන නිසදැසක්

චතුරංගි හර්ශිකා 4 years ago එක ඇත්ත දීශා...Thank You

සත්සරණි 4 years ago ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps