චතුරංගි හර්ශිකා 4 years ago 119 2 2

Nisadas Image

මේ පොළව

මානා පදුරු
අහස දිහාවට
බලාගෙන ම ඉන්නවා...

සුදු පාට
වලාකුළක්
කම්මැලි විදිහට හිනාවෙනවා...

කදු කරයේ
හැම මුල්ලකම
ජීවිතේ ගයන හඩ ඇහෙනවා...

මේ කදු වල පවා
හුස්ම වැටෙනවා...

මේ මගේ පොළොව
මගේ ගම...

මගෙ ජීවිතේ
මගෙ හැමදේම...

මම මේ පරිසරය
විදිනවා...

මට මේ මීදුම
දැනෙනවා...

මම දවසක
මේ බිමේම මැරෙනවා...

මං දන්නවා
උන් මාව මේ පොළොවෙම වළලනවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ම්ම්ම් ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps