චතුරංගි හර්ශිකා 4 years ago 133 3 4

Nisadas Image

දින පොතෙන්

2020 සැප්තැම්බර් මස 01 වෙනිදා
දැන් වෙලාව ප.ව. 4.00 යි.

මන්දාරමට හීතල හුළං
කවි කියනවා
නුවරට අදත් ටිකක් වැස්ස...

හවස් වෙන්න කලින්
පන්සල් යන්න ඕනි...

හවසට වැස්සොත් හෙම
යන්න වෙන එකක් නෑනේ...

ලන්ද මැදින් මීදුම
බොද වෙලා...

උදේ කඩාගෙන ආව කහ මල්
වට්ටියක් පුරෝලා තියෙනවා...

උඹත් හිටියනං
පන්සල් යන්න...

උඹ කෝවිල් යනකොට
මමත් ආවා...

ඒත් එක පාරක් වත්
උඹ එක්ක පන්සල් යන්න බැරි වුණානේ...

අපේ බුදු හාමුදුරුවෝ ඉස්සරහා
දණ ගහලා වැදලා...

ජීවිතේ ගැන
කියාදෙන්න තිබුණා උඹටත්...

දැන් ඒවගෙන් වැඩක් නෑ
මීදුම පාර වහගන්න කලින්
ඉක්මනට යන්න ඕනි...

හැන්දෑවට අද නං
පුර හඳ පේන එකක් නෑ වගේ...

වැහි කදුළු වැටුනොත්
මතක අස්සෙ ගුලිවෙලා
මේ පෝයත් ගෙවිලා යයි...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ම්ම්ම් ?

චතුරංගි හර්ශිකා 4 years ago ?

සත්සරණි 4 years ago Lassni ?

චතුරංගි හර්ශිකා 4 years ago Thnx ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps