චතුරංගි හර්ශිකා 4 years ago 108 2 2

Nisadas Image

පොළොව

මම හිතුවා හරි
ඊයෙ වැස්ස
මහ පොළොව
දිය කරලා නෑ...

ඒත් මේ පස් ගොඩැලි
වැලි කැට
ඔක්කොම තෙමලා
දූවිලි හෝදලා...

කට්ට අවුව
පුච්චපු ගස් වලට
වැහි වතුර වැටුණම
ඇත්තමයි අගුරු සුවඳක් එනවා..

කහ පාට වේලිච්ච කොළ
පොළොව උඩ වැටිලා
තෙත පොළොව දිහා
ආදරෙන් බලනවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago හ්ම්ම් ඔව් ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps