චතුරංගි හර්ශිකා 4 years ago 142 3 2

Nisadas Image

අද

බලන බලන හැම අතම
නිහඩ හුළග කතා කියයි
දන්නවාද දන්නෑ ඔබ
හුදෙකලාව හරි මිහිරියි...

ගලන දොළක මිහිරි හඩට
මංසල ළග කුරුළු නාද
හරි මිහිරට ගීත ගැයුවෙ
වස්සානය ගැන නොවෙයිද...

බිනර මහේ එක හවසක
සදු නගිනා හෝරාවක
දළදා සමිඳුන් අභියස
මට හැකි නම් වැද වැටෙන්න...

දුම්රිය පොළ ගාව තැබූ
මගේ මැරුණු ගොළු හදවත
අරං එන්න මම යනවා
මේ ගොම්මන් රෑ අදුරට...

චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ??

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps