චතුරංගි හර්ශිකා 4 years ago 145 3 3

Nisadas Image

අපේ කතාව

තවත් පිටුවක්

කිසිවකු සමඟ බෙදාහදා ගන්නට හඬාවැටෙන්නට නෝක්කාඩු කියන්නට දුකක් දැන් ඉතිරිව නැත. විශාදය සුව වී ඇත. එක්වරම හිතට දැනෙන පුදුමාකාර සැහැල්ලුව කුසට දැනෙන සනීපය, ලෝභ කටයුතු ය.

එය එතරම්ම මිහිරි ය.එවිට අතීතය දෙස හැරී බලමින් නැවත හාරා අවුස්සමින් අතීත සුවඳ මතක විඳිමින් ඒ මිහිර අවසන යලිත් දුකටම වැටෙමි. අවසන් වන දිනයක් මම නොදනිමි. අවසන්ය සිතා සැනසීමි. නමුත් මොහොතකට හදවත පෙළෙමින් කුසට වේදනා දෙමින් නුඹ නැවත මා තුලම උපදී. පුරුදු කඳුල නෙත් කෙවෙනි තුළින් උපත ලබයි. නැවත නැවත හඬමි.

දිනෙක මේ සියල්ල මතකයක් වී යටිහිතේ නිදනු ඇත. නමුදු කලෙක දී යළිත් උපත නොලබාවිදැයි කාටනම් කිවහැකිද ?

Comments (3)

Kavinda Sahan 4 years ago දුක හිතුන

Deesha(දීෂා)❤️ 4 years ago ? අනේ

චතුරංගි හර්ශිකා 4 years ago ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps