චතුරංගි හර්ශිකා 4 years ago 155 2 2

Nisadas Image

නික්ම යාම

මේ වෙරළ ඉමේ මම
මගෙ මතක ගොඩගසා

ආදරේ අයැදියා
මතකයිද පෙර එදා

මගේ පසුපස හඹා
මගේ හිත ඉල්ලලා

හිත අරන් ඈතටම
මගෙන් වෙන්වී ගියා

මේ සැඳෑවේ මමත්
තනිව මෙහි ආ නිසා

අපේ මතකය තවම
හිත පතුලෙ දග කළා

මේ වැල්ල පුරාවට
දෑත් පටලා එදා

ඇවිද ගිය අපේ පා
සටහනුත් බොද වෙලා

මේ බිමේ අපේ පා
සටහන් මකා දමා

රැල්ල වේගෙන් ඇවිත්
වැල්ල පිස දා ගියා

මගෙ හිතේ ඇති මතක
කදුළු කැට පිස දමා

රළු මුහුදු රළ නුඹට
ආ හැකිද හිත කරා

අපි ආදරේ වින්ද
මේ වෙරළ හැර දමා

යළි නේන්නටම යමි
මේ කදුළු මට එපා

තවත් නම් මට නුඹත්
නුඹෙ මතකයත් එපා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?✍️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps