චතුරංගි හර්ශිකා 4 years ago 149 2 2

Nisadas Image

මගෙ අන්ධ ආදරේ

ජාතිවාදය ඇති කරන්නට
බොහෝ උන් වෙහෙසෙනා කාලෙක
උඹේ උන්හට සමාජේ නිසි
තැනත් අහිමිව යන නිමේෂෙක...

එකම රතු ලේ හැමෝගෙම ළග
ඇතැයි මම ලියු පෙම් පුරාණය
නමුත් අවසන ඉතුරු වූයේ
මගේ තනි හිත විතරමයි මට...

මගේ පසුපස හඹා විත් නුඹ
හඩන විට හද ඉල්ලලා
කාටවත් මම නොදුන් හද මල
නුඹ වෙතට මම පුදකළා...

හොයාගන්නට නොහැකි සේ හද
කොහේ හෝ උඹ විසි කළා
උඹ වගේ උන් පිටුදකින එක
දැන් මගේ සිරිතක් වෙලා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ම්ම්ම් ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps